සංචාරකයන්ට දැනුම්දීමක්.
Badulla
Sri Lanka Tourism
Sri Lanka
Weather
By Hashini
බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලි ආශ්‍රිතව දිය නෑමෙන් වැළකී සිටින ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබීවර්ධන මහතා ඉල්ලීමක් කර තිබෙනවා.
දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙන්නේ අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලි ආශ්‍රිතව ජලය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.
දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ දියඇලි ආශ්‍රිත ව දිය නෑමෙන් වළකින ලෙස සංචාරකයින් ඇතුළු පිරිස්වලින් ඉල්ලීමක් සිදු කරන බවයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාවනා අල්ලේ ජලය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
