අධිවේගී මාර්ගයේ රියදුරන්ට දැනුම් දීමක්.

Sri Lanka Weather
By Hashini Oct 06, 2023 04:53 AM GMT
Hashini

Hashini

Report

 මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගය ජයන්ති පාලම අසල ගංවතුරෙන් යටවී තිබීම නිසා දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ගමන් ගන්නා රියදුරන්ට දැනුම් දීමක් කර තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුව මෙලෙස ගංවතුරෙන් යටවී තිබෙනවා.

ඒ හේතුවෙන් මාතර දෙසට සැහැල්ලු වාහනවලට ගමන් කිරීමට නොහැකි වී තිබෙනවා.

එබැවින් අධිවේගී මාර්ගයේ කොළඹ දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහනවලට මාතර දෙසට ගමන් කිරීමට අවශ්‍ය නම් කපුදූව පිටවීමේ දොරටුවෙන් පිටවී නැවතත් කපුදූව පිවිසුම් දොරටුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස ගොඩගම පිටවීමේ දොරටුවෙන් පිටවී මාතර දෙසට ගමන් කිරිමේ හැකියාව පවතිනවා. 

ReeCha