රියදුරු බලපත්‍ර ගැන දැනුම් දීමක් නිකුත් කිරීම සීමා කරයි?

Tourism Driving Licence Department of Motor Vehicles Sinhala news gagana news
By Mithu Aug 06, 2025 03:52 AM GMT
Mithu

Mithu

Report

අගෝස්තු මස 3 වනදා සිට විදේශිකයින්ට තවකාලික රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ මාව කවුළුවක් ආරම්භ කළ අතර එම කවුළුව මඟින් මේවන විට විදේශිකයින් 120 දෙනෙකුට බලපත්‍ර ලබා දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

හරක්කටා ඝාතනය කිරීමේ සැලැස්මක් බුද්ධි අංශයට තොරතුරු ලැබිලා ඝාතනය සිදුවන අයුරු මෙන්න

හරක්කටා ඝාතනය කිරීමේ සැලැස්මක් බුද්ධි අංශයට තොරතුරු ලැබිලා ඝාතනය සිදුවන අයුරු මෙන්න

ඔහු පැවසුවේ මේ වන විට බර වාහන රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා විදේශිකයින්ගෙන් දැඩි ඉල්ලුමක් පැවතින අතර එලෙස එම බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බවය.ඒ වගේම බලාපොරොත්තු නොවූ ආකාරයෙන් බලපත්‍ර ලබා ගැනීමට අධික ඉල්ලුමක් පවතින බවත් සඳහන්.

මේ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ පහත ආකාරයේ ප්‍රකාශයක්.

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

"අපි සංචාරක ප්‍රවාර්ධනය සඳහා සහ සංචාරකයින් අපහසුතාවයට පත්වීම වැළැක්වීමට වෙනත් රටවල තියෙනවා වගේම ලංකාවේත් කටුනායක ගුවන්තොටුපොළේ කවුළුවක් විවෘත කරා අගෝස්තු මාසයේ 3 වෙනිදා සිට තාවකාලික බලපත්‍ර ලබාදීම සඳහා. එය පැය 24 පුරාම විවෘතයි. සමහර බලපත්‍ර ඉල්ලුවට අපිට ලබාදෙන්න බෑ. විශේෂයෙන්ම ත්‍රිවිල් සහ බර වාහන ධාවනයට අපි අවසර ලබාදෙන්නේ නෑ. එවැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා. විදේශිකයින්ගේ වීසා කාලය අනුව මාස 2 සිට මාස 5 දක්වා වීසා බලපත්‍රයේ සහ රියදුරු බලපත්‍රයේ වලංගුතාවය මත තාවකාලික බලපත්‍රයක් ලබාදෙනවා. ඊට අමතරව අපි ස්ථීර බලපත්‍රයක් ලබාදෙනවා. ඒක අපි ගුවන්තොටුපොළේ සිදුකරන්නේ නෑ. සුපුරුදු පරිදි ඒක වේරහැර කාර්යාලයෙන් සිදුකරනවා."

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

ReeCha