ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම් දීමක්.

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සේවා යෝජකයා විසින් මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතු වේ.

විදේශ රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුවේ.

ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන් මෙම රක්ෂණාවරණය ලබාගැනීම අනිවාර්ය වනවා.

ඒ සඳහා ජෝර්දාන් රජය විසින් අනුමත කර ඇති රක්ෂණ යෝජනා තුන අතුරින් ඔවුන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමට අවස්ථාව සලසා ඇත.

රැකියා ගිවිසුම් කාලසීමාව අතරතුරදී අදාළ ශ්‍රමිකයා මිය ගියහොත් හෝ හදිසි අනතුරු හේතුවෙන් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් මෙමඟින් රක්ෂණ වන්දි වශයෙන් පිරිනමනු ලබනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ශල්‍යකර්ම, කොවිඩ් වැනි වසංගත රෝග සඳහාද රක්ෂණ වන්දි හිමිවෙන බවයි.