පාසල් අනධ්‍යයන සේවිකාවගේ පාට් ටයිම් ජොබ් එක මාට්ටු..

Report

හෙරොයින් ග්‍රෑම් 210ක් සමග රජයේ පාසලක අනධ්‍යයන සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) සවස් කාලයේදී වැලිගම පොලිස් වසමේ බෝධිමළුව විහාරය අසලදී මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබීය .

මුලතිව් සමූහ මිනීවලේ කැනීම් වලට මුලතිව් කොකිලායි ප්‍රධාන මාර්ගය වසයි?..

මුලතිව් සමූහ මිනීවලේ කැනීම් වලට මුලතිව් කොකිලායි ප්‍රධාන මාර්ගය වසයි?..

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවකි.

ඇය වැලිගම ප්‍රදේශයේ පාසලක අනධ්‍යයන සේවිකාවක් ලෙස කටයුතු කරන අතර මිදිගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතුද සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එම සැකකාරිය මෑත කාලයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධ වී ඇති අතර විදෙස්ගතව සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයින් විසින් නම් කර එවනු ලබන පුද්ගලයින් වෙත මත්ද්‍රව්‍ය ලබාදීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඇමෙරිකාවේදී ඔටුන්න හිමි තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ ආරක්ෂාවට තර්ජනයක් ..

ඇමෙරිකාවේදී ඔටුන්න හිමි තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ ආරක්ෂාවට තර්ජනයක් ..

සැකකාරියගෙන් මත්ද්‍රව්‍ය ලබාගන්නා පිරිස ද කුඩා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

සැකකාරිය විසින් සිදුකර ඇත්තේ, ඇය වෙත ලැබෙන වැඩි මත්ද්‍රව්‍ය ප්‍රමාණය ළඟ තබා ගැනීමත් ඒවා විදේශ ජාවාරම්කරු විසින් නම් කරන පුද්ගලයින්ට අවශ්‍ය කරන ප්‍රමාණයන්ට ලබාදීමත් බව පොලීසිය පැවසීය .

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද..

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද..

අදාළ සැකකාරිය පාසලක සේවය කරන කාන්තාවක් වුවද, මෙම ජාවාරම සඳහා පාසල කිසිම අවස්ථාවක සම්බන්ධ කර ගෙන නොමැති අතර ඇබ්බැහි වුවන් සඳහාද මත්ද්‍රව්‍ය අලෙවි කර නොමැති බව නිරීක්ෂණය වී ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර අපරාධ කොට්ඨසය හා වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.