මුලතිව් සමූහ මිනීවලේ කැනීම් වලට මුලතිව් කොකිලායි ප්‍රධාන මාර්ගය වසයි?..

By Piyumika Jul 16, 2024 04:44 AM GMT
Report

මුලතිව් කොක්කුතුඩුවායී සමුහ මිනීවලේ කැණීම් කටයුතුවලදී තවත් මිනිස් ඇට සැකිලි පහක් ඊයේ (15) සොයා ගත් බව පැවසේ .

එම මිනිස් ඇට සැකිලි සොයා ගැනීමත් සමග මේ වන විට එම සමූහ මිනිවලෙන් සොයා ගත් සමස්ත මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 52ක්ය.

අලුත බැදපු ජෝඩුවකට නොසිතූ ඇබැද්දියක්..

අලුත බැදපු ජෝඩුවකට නොසිතූ ඇබැද්දියක්..

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් විසින් ලබා දුන් නියෝගයකට අනුව සමූහ මිනී වලේ කැණීම් කටයුතු සදහා ස්කෑන් යන්ත්‍ර හා වෙනත් නවීන උපකරණ භාවිත කිරීමට අනුමැතිය ලැබීමත් සමගම මෙම මිනීවලේ මීටර් 250ක් දුරට තවත් මිනිස් ඇට සැකිලි විශාල ප්‍රමාණයක් ඇති බව තහවුරු වී තිබෙනවා.

එම මිනිස් ඇට සැකිලි වලින් විශාල සංඛ්‍යාවක් අලුතෙන් ඉදි කළ මුලතිව් - කෝකිලායි ප්‍රධාන මාර්ගයට යටින් පිහිටා තිබීම නිසා එම මාර්ගය කඩා කැණීම් කටයුතු ඉදිරි කාලයේදී සිදු කිරීමට නියමිතය.

පොලිස් යතුරුපැදියක් යට කල බස් ඩ්‍රයිවර් අත්අඩංගුවට ..

පොලිස් යතුරුපැදියක් යට කල බස් ඩ්‍රයිවර් අත්අඩංගුවට ..

මෙම තත්ත්වය නිසා මුලතිව් - කෝකිලායි ප්‍රධාන මාර්ගයේ එම කොටස තාවකාලිකව වසා දැමීමට සිදුවන අතර, ඒ වෙනුවට වෙනත් විකල්ප මාර්ග කොටසක් තැනීම කෙරෙහිද අවධානය යොමුව තිබේ .

මෙතෙක් සමූහ මිනීවලෙන් හමු වූ මිනිස් ඇට සැකිලි මුලතිව් අධිකරණයේ සුරක්ෂිතව තැම්පත් කර ඇත.