දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නව දුම්රිය සේවාවක්.

Report

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇති බවයි.

දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසුවේ තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයෙන් අලුයම 4.15 ට පිටත් වන මෙම දුම්රිය පෙරවරු 10.34 ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වන බවයි.

එය නැවත සවස 3.35 ට කොටුවෙන් පිටත්ව රාත්‍රී 10.48ට තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයට ළගා වන බව ද මැදිරි කාර්යාලය පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ වායුසමනය කළ පළමු පන්තියේ මැදිරි දෙකකින් ද දෙවන පන්තියේ වෙන්කළ ආසන මැදිරි දෙකකින් හා දෙවන, තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි වලින් ද මෙම දුම්රිය සමන්විත බවයි.