සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අලුත් විෂයක්.
මෙරට නීති පද්ධතිය පිළිබඳ දැනුම පාසැල් දරුවන්ටත් ලබා දීමේ වැඩපිළිවලක් ක්‍රියාවට නංවන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
"දැනට වසර 7 - 8ක් තිස්සේ අපි යෝජනා කරලා තියෙනවා රටේ මුලික නීති පද්ධතිය පිළිබඳ අධ්‍යයනය සාමාන්‍ය පෙළ සිසු දරුවන්ට ලබාදෙන්න. අමාත්‍ය මණ්ඩලය ඒ පිළිබඳ තීරණයක් අරගෙන සාමාන්‍ය පෙළ දරුවන්ට කාලපරිච්ඡේද 12ක් නීතිය ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙන්න ඒ අදාළ අධ්‍යාපන විෂය නිර්දේශ සකස් කරන්න උපදෙස් දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වුණේ 2023 දී ක්‍රියාත්මක කරන්න. මම දන්නේ නෑ හරියටම මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙනවා ද කියලා. මේ අවුරුද්දේ නැත්නම් ඊළඟ අවුරුද්දේ නිර්දේශවලට අපි බලාපොරොත්තු වෙනවා ඇතුළත් කරන්න. මොකද රටේ හැම පුරවැසියෙකුට ම අවබෝධයක් තියෙන්න ඕනේ රටේ තියෙන මුලික නීතිය සහ තමන්ට තියෙන අයිතිවාසිකම් මොනවා ද ? කියලා. බොහෝදෙනෙක් අපේ රටේ දන්නේ නෑ තමාට තියෙන අයිතිවාසිකම් මොනවා ද කියලා. ඒ නිසා සමහර වෙලාවට දේශපාලඥයෝ රාජ්‍ය නිලධාරීන් අයුතු ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා තමයි අපිට අලුත් නීති රැසක් පනවන්න වෙලා තියෙන්නේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,..... ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |