අලුතින් ලක්ෂ 12කට නව විශ්‍රාම වැටුපක්..මුලින්ම ලැබෙන පිරිස මෙන්න..
Government Of Sri Lanka
Department of Pensions
Pensioner Associations
By Aruna
ස්වයං රැකියාවල නියුතු අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ප්‍රකාශ කර සිටිනවා.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ස්වයං රැකියාවල නිරත වන අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බවත්, දක්ෂතා ඇති සහතිකපත් නොමැති වෘත්තිකයන්ට සිය අමාත්‍යාංශය යටතේ කෙටි පුහුණුවකින්, පරීක්ෂණයකින් සහතිකපත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවයි.
අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ස්වයං රැකියාවල නිරත වන අයට විශ්‍රාම වැටුප් ලබා දීමේ වැඩපිළිවෙල මේ වනවිටත් මුදල් අමාත්‍යංශයට ඉදරිපත් කර ඇති බවයි .
මේ අනුව, ලක්ෂ 12ක ජනතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවයි අනුප පැස්කුවල් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
................................................................