නව රාජ්‍ය භාෂා කොමසාරිස්වරයෙක්
By Hashini
රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ඩබ්ලිව්. ප්‍රින්ස් සේනාධීර මහතා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත් කිරීමත් සමඟ එම තනතුර පුරප්පාඩු වී තිබෙනවා.
ඒ අනුව එම තනතුර සඳහා , බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංස්කෘතික ප්‍රවර්ධන) වශයෙන් දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී තිලක් නන්දන හෙට්ටි ආරච්චි මහතා රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත වී ඇත.