මුහුණු පොතට අලුත් නීතියක්

Facebook Law and Order Sinhala news
By Mithu May 25, 2025 05:20 PM GMT
Mithu

Mithu

Report

මෙරටට පැමිණි පිලිපීන සංචාරකයෙකුට වැලිගම පිහිටි සර්ෆින් ආයතනයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් එම සංචාරකයා සිය යූටියුබ් ගිණුමේ ඊයේ (24) පළ කර තිබුණි. කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමේදී වැලිගම පොලීසිය පැවසුවේ, අදාළ සිද්ධිය පසුගිය වසරේ පෙබරවාරි 14 වනදා වාර්තාවූවක් බවත් ඒ සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින අතර එළැඹෙන සැප්තැම්බර් 11 වනදා එම නඩුව යළි කැඳවීමට නියමිත බවත්ය.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

මේ අතර, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ඇතැම් අවස්ථාවලදී විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන පහරදීම් ඇතුළු ඔවුනට මුහුණපෑමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි හෝ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් කඩිනමින් ක්‍රියාමාර්ග ගෙන සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

එසේ වුවද මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන මෙන්ම පොලීසිය විසින් විමර්ශන සිදුකර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති සිදුවීම් පවා ඉතා මෑත කාලයේ හෝ දින කිහිපයකට පෙර සිදු වූ සිද්ධීන් ලෙස හුවා දැක්වෙන ආකාරයට ඇතැම් පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නැවත නැවත සංසරණය කරවීමට ක්‍රියාකරන බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය දැනුම් දී තිබේ.

බෝට්ටුවක් පෙරළී 427ක් මරුට

බෝට්ටුවක් පෙරළී 427ක් මරුට

එබැවින් පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය කරවීමට කටයුතු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් රට අපකීර්තියට පත් කිරීමට හෝ වෙනත් අරමුණකින් එසේ සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඔවුනට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය වැඩිදුරටත් පවසයි

Gallery
ReeCha