හෘද සෞඛ්‍යය වැඩි දියුණු කරන ඖෂධයක් සොයා ගනී - හෘදයාබාධ ඇතිවීමේ අවදානම එමගින් අඩු වෙන්නේ මෙහෙමයි..

By krishani Aug 09, 2023 11:20 AM GMT
Report

හෘද සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි ඖෂධයක් සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ වසර 5ක කාලයක් සිදුකළ අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

ජනප්‍රිය බර අඩු කිරීමේ ඖෂධයක් වන Wegovy මඟින් මෙම හෘද සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි බව අනාවරණය වී තිබෙනවා.

ඊයේ (08) එම ඖෂධය නිෂ්පාදනය කරන Novo Nordisk සමාගම විසින් මෙය ප්‍රකාශයට පත් කළේ ය.

එමෙන්ම මෙමගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම 20% කින් අඩු කරන බව සඳහන් වේ.