ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙක්
By Mithu
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව නායක ලෙස ශුබ්මන් ගිල් නම්කර ඇත.
ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත තරග 5කින් යුත් එංගලන්ත ටෙස්ට් තරග සංචාරයට නම්කළ සංචිතය අද (24) ප්‍රකාශයට පත් කළේය.
එහිදී නව නායකයා ලෙස ශුබ්මන් ගිල් නම්කර තිබේ. ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කිරීමෙන් පසු, ඉන්දීය ටෙස්ට් නායකත්වය පුරප්පාඩුව තිබුණි.