ලණුවකින් බැඳතැබූ මමියක් සොහොනකින් මතුවෙයි..අත්බූත සිදුවීමක්.(PHOTOS)
පේරු රාජ්‍යයේදී භූගත සොහොන්ගැබක කැණීම් සිදු කළ පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් අපූරු මමියක් සොයාගෙන තිබෙනවා.
මෙම මමිය සම්පූර්ණයෙන්ම ලණුවලින් බැඳ ඇති අතර දෑත් මුහුණ වසාගෙන අමුතුම හැඩයකින් වාඩි වී සිටින මමියක් වීම විශේෂත්වයක්.
ලිමා අගනුවර සිට සැතපුම් 16ක් පමණ දුරින් පිහිටි Cajamarquilla පුරාවිද්‍යා භූමියෙන් මෙය සොයාගෙන ඇති අතර මෙය ස්ත්‍රී හෝ පුරුෂයෙකුගේ මමියක්ද යන්න තවමත් හැඳුනාගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එම පර්යේෂණ කණ්ඩායමට අනුව, මමිය වසර 1,200-800 දක්වා අතීතයකට අයත් වන අතර පේරු වෙරළ සහ කඳු අතර වර්ධනය වූ පූර්ව ඉන්කා ශිෂ්ටාචාරයට අයත් වන බව සැලකෙනවා.
Cajamarquilla හි කැණීම සිදු කර ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ San Marcos හි පුරාවිද්‍යාඥ Pieter Van Dalen Luna විසින් මෙහෙයවනු ලබන කණ්ඩායමක් විසින්.
මෙම “මමියේ ප්‍රධාන ලක්ෂණය නම් මුළු සිරුරම ලණුවලින් බැඳ අත්වලින් මුහුණ වසා තිබීමයි” යනුවෙන් මහාචාර්ය වැන් ඩලේන් ලූනා වැඩිදුරටත් පවසා තිබෙනවා.
මෙය එකල පැවති ‘දේශීය අවමංගල්‍ය රටාවේ කොටසක් වනු ඇති’ බවට ඔහු වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.
මෙම සංස්කෘතික රටාවට අයත් පුද්ගලයන් පේරු හි උස් ඇන්ඩියන් ප්‍රදේශයේ – ඉන්කා ජනයාගේ නැගී සිටීමට වසර 600-200 කට පමණ පෙර ජීවත් වන්නට ඇති බවට මත පළකර තිබෙනවා.
මෙසේ කාල නිර්ණය කර ඇත්තේ රේඩියෝ කාබන් ක්‍රමයට වන අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ ‘රේඩියෝ කාබන් කාල නිර්ණය වඩාත් නිවැරදි කාල නිර්ණය ලබා දෙනු ඇත,’ යනුවෙන්.
මමිය සොයාගත් භූගත සොහොනෙහි වෙනත් අවමංගල්‍ය පූජාවන් ද පැවැත්වූ බවට සාධක හමුවී තිබෙනවා.
මෙම සොයාගැනීම් අතර ගල් ආයුධ සහ පිඟන් මැටි බඳුන් ඇති අතර ඒවා තුළ එළවළු ද්‍රව්‍ය තැන්පත්කර තිබු බවට පුරාවිද්‍යාඥයෝ පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |