ඇය කෙතරම් බියෙන් කෑගසන්නට ඇත්ද ...එදා වේල හොයා ගන්න ගිය කතකට අවසානයේ අත් වූ බිහිසුණු ඉරණම...

Report

 තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරු කාන්තාවකට කඳුකර කොටියෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද (05) පෙරවරු කාලයේ මෙම කාන්තාව තේ වත්තේ දළු නෙලමින් සිටි අවස්ථාවේ දී ප්‍රහාරය එල්ල වී ඇත.

සුන්දර ඇල්ල බියෙන් සලිත කල අංක 42කේ අහිරහස...

සුන්දර ඇල්ල බියෙන් සලිත කල අංක 42කේ අහිරහස...

ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව බගවන්තලාව මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

බගවන්තලාව පොලිස් වසමට අයත් මෝරා වත්තේ දියි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. බෝපත්තලාව රක්ෂිතය ආසන්නයේ පිහිටි එම තේ වත්තේ දළු නෙලමින් සිටියදී සුනඛයෙකු දඩයම් කිරීම සඳහා පැමිණි කඳුකර කොටියෙකු සුනඛයා දඩයම් කරන අවස්ථාවේ දී අදාළ කාන්තාව සිටි දෙසට පැන තිබෙනවා.

නැහීගෙන උස්මහත් කරාට පස්සේ ..දුන් ලේ කිරි වල ප්‍රමාණය හොයපු දරුවන් පහක්...

නැහීගෙන උස්මහත් කරාට පස්සේ ..දුන් ලේ කිරි වල ප්‍රමාණය හොයපු දරුවන් පහක්...

ඒ සමග එහි වැඩ කරමින් සිටි වතු කම්කරුවන්ගේ කෑගැසීමත් සමග කඳුකර කොටියා 53 හැවිරිදි මෙම කාන්තාවට පහර දී රක්ෂිතයට පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවගේ සිරුර පුරා කොටියාගේ නිය පහරවල් තිබීම හේතුවෙන් ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවීමට නියමිතයි.

You may like this video