පිළියන්දල ගරාජයක් පිටුපස කාමරයක සඟවා තිබියදී සොයාගත් කව්රුත් නොසිතන දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Oct 12, 2023 05:11 PM GMT
Sithumi

Sithumi

Report

තීරුබදු රහිතව හොර රහසේ අධි බලැති යතුරුපැදි ආනයනය කර අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වුණා.

එලෙස ආනයනය කරන ලද රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා අධිබල යතුරුපැදි පිළියන්දල බටකැත්තර ගරාජයක් පිටු පසු කාමරයක සඟවා තිබියදී සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශ පවසනවා.

එහි තිබී ආනයනය කරන ලද යතුරුපැදි එන්ජින් සහ චැසි ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

ගරාජයක් පවත්වාගෙන යන පුද්ගලයකු මෙරට ලියාපදිංචි කිරීමට තහනම් අධිබලැති යතුරුපැදි නීති විරෝධී ලෙස හොර රහසේ අලෙවි කරන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර තිබෙනවා.

එම ස්ථානයේ තිබී ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත එන්ජින් ධාරිතාව 1000 ,බි, එම්, ඩබ්ලිව් , වර්ගයේ අධි බලති යතුරුපැදියක් ඇතුළු අධි බලැති යතුරු පැදි හතරක් , අදිබලති ඇන්ජින් හතරක් සහ අධි බලැති යතුරුපැදි චැසි හතරක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගරාජය පවත්වාගෙන යන පුද්ගලයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී විදේශගතව සිටින මිතුරකු මාර්ගයෙන් මේවා ගෙන් වූ බවත් ප්‍රකාශ කර ඇති අතර නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෙම යතුරු පැදි, ,එන්ජින් සහ චැසි සම්බන්ධයෙන් රේගුව සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔබ වෙත දැනුම් දී ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන සිදුකරන බවත් විසිපස් හැවිරිදි ගරාජ් හිමිකරුගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් පොලිසිය පවසනවා.

වැඩිදුර විමර්ශන කටයුතු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පවත්වනු ලබයි.

ReeCha