පුතා නිවසට පැමිණෙන විට මව අභිරහස් ලෙස මිය ගිහින්

By Sewvandhi Dec 19, 2021 12:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කිසියම් කටයුත්තක් සඳහා නිවසින් පිටව ගිය පුත්‍රයා නැවත නිවසට පැමිණෙන විට නිවසේ තනිව සිටි මව අභිරහස් ලෙස මියගොස් ඇති පුවතක් කරන්දෙනියෙන් වාර්තා වුණා.

එම සිද්ධිය වාර්තා වී ඇත්තේ කරන්දෙනිය පොලිස් වසමේ පොල්ගස්වත්ත ප්‍රදේශයේ නිවසකයි. මියගිය කාන්තාවගේ පුත්‍රයා කුරුඳු තැලීම සඳහා මීට දින කිහිපයකට පෙර මාතර ප්‍රදේශයට ගොස් ඊයේ යළි නිවසට පැමිණ තිබෙනවා.

ඒ අවස්ථාවේදී නිවසේ දොර වසා තැබීම හේතුවෙන් ජනේලයකින් මව සිටීදැයි සොයාබලා ඇති අතර එහිදී ඇඳ මත මියගොස් සිටි සිය මව ව දැක තිබෙනවා.

පසුව පුත්‍රයා විසින් සිද්ධිය පොලීසියට දන්වා තිබුණා. එලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි සිරියලතා නමැති කාන්තාවකි. කරන්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now