පාසලට දරුවා රැගෙන ගිය මව බසයට බිලි වෙයි..
accident
Chandhani Madushani
kottapitiya
Bakamoona
By Sewvandhi
යතුරු පැදියෙන් සිය දරුවා පාසලට රැගෙන ගිය දෙදරු මවක බකමූණ ගෙඟ්යාය මාර්ගයේ සිරිකඳුයායා ප්‍රදේශයේදී බස් රථයට යටවී මියගොස් ඇතැයි බකමූණ පොලිසිය කියයි. මෙ
ලෙස මියගොස් ඇත්තේ ගගේ යාය, කෝට්ටපිටියේ පදිංචි චාන්දනී මධුෂාණී මුදුන්කොටුව නමැති වයස අවුරුදු 31 වන දෙදරු මවකි.
බකමූණ ගෙඟ් යාය ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට ධාවනය වූ බස් රථයක් සිරිකදුයාය ප්‍රදේශයේදී මගීන් නංවා ගැනීමට නතර කර තිබූ අවස්ථාවක බසයට පිටුපසින් ධාවනය වූ යතුරුපැදිය බස්රථයට ඉස්සර කිරීමට යාමේදී මාර්ගය ලිස්සා ගොස් පෙරලී ඇති අතර යතුරුපැදියේ ගමන්ගත් මෙම මව බස් රථය සෙට වැටී ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදියේ පටුපසින් ගමන් ගත් ඇගේ දරුවා මාර්ගයෙන් පිටතට විසිවී ඇති අතර දරුවාට කිසිදු හානියක් සිදුව නැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |