ඊශ්‍රායලයේ රැකියා සඳහා යන පිරිසට පණිවිඩයක්...
Sri Lanka
Sri Lanka Government
Israel
Job Opportunity
Israel-Hamas War
By Hashini
විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් ඉදිරියේදී ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේදී ඊශ්‍රායල ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ හා විදේශ අමාත්‍යංශයේ අවසර ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඊශ්‍රායලය හා පලස්තීන ගැටුම් හේතුවෙන් තිබෙන අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව එම අමාත්‍යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා පවසනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එරටින් පිටවීමට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව පවතින බවයි.
