කාන්තා නේවාසිකාගාරයට හොරෙන් රිංගන්න ගිය පුද්ගලයා ඇද වැටී මරුට..

By Sewvandhi Dec 22, 2021 09:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මරදාන එස් මහින්ද මාවතේ පිහිටි සිවුමහල් ගොඩනැගිල්ලක කාන්තා නේවාසිකාගාරයකට හොර රහසේ ඇතුළු වීමට ගිය පුද්ගලයකු ඉන් ඇදවැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා එරාවුර් ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මෙම මහල් නිවාසය කාන්තා නේවාසිකාගාරයක් වන අතර එයට අනවසරයෙන් ඇතුළු වීමට පැමිණි මෙම පුද්ගලයා එහි ආරක්ෂක නිලධාරියා දැක දිවයන අවස්ථාවේදී මහල් නිවසින් බිමට ඇද වැටී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි මරදාන පොලිසිය කියයි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු සිදුකිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Joun Now