"..අපි හැම වීක්එන්ඩ් එකකම හෝටලයකට යනවා.." - උජාරුව කියන්න ගිහින් මිතුරාගේ සායම හේදිලා
මිතුරකුට තමන්ගේ ලොකුකම් පාන්නට ගොස් රෙදි ගලවා ගත් මිතුරකු සම්බන්ධ මේ කතාව කොළඹට නුදුරු ගමකිනි.
අමල් නිතරම තමන්ගේ ලොකුකම් අනුන් හමුවේ කියා පෑමට මහත් ගිජුකමක් දැක්වූයේය. නිවෙස විශාලත්වය, මෝටර් රථයේ වටිනාකම පමණක් නොව බිරිඳගේ රූ සපුවද ඔහු නිතරම ඉහළින්ම වර්ණනා කළේය.
අන්‍යයන් අතර එය බයිට් එකක් කර ගත්තද ඔහුට එය නොතේරුණි. එදා ඉරිදාවකි. අමල් නිවෙසේ විවේකීව සිටියේය.
ඔහුගේ පාසල් මිතුරකු වූ සමන් හදිසියේම අමල්ගේ නිවසට ආවේය. මම මේ ළඟට ආව ගමන් උඹ බලල යන්න ආවේ. සමන් කීවේය.
‘අඩේ කොච්චර හොඳද. හැබැයි උඹ හරි ලකී අමල් කීවේය. ‘ඇයි බං එහෙම කියන්නේ’ සමන් ඇසුවේය.
‘ඇයි බං උඹ දන්නෙ නැද්ද මමයි පාමාලියි හැම වීක් එන්ඩ් එකකටම කොහෝ හරි යනවනේ. ජීවිතේ කියන්නේ සල්ලි නොවෙයි. ජීවිතේ කියන්නේ හොඳට කාල බීලා ඉන්න ඕනෑ.
ෆන් තමයි ජීවිතේ. මම නම් එහෙමයි. මමයි පමාලියි හැම වීක් එන්ඩ් එකකටම කොහෝ හරි හොඳ හෝටලයකට ගිහිල්ලා කාලා බීලා නයිට් එක ඉඳලා එනවා. අමල් කියාගෙන ගියේය.
‘එහෙම කරන්න සල්ලි කෝ බං‘ සමන් ඇසුවේ එය ඇත්තටම ඇසිය යුතු ප්‍රශ්නයක් වූ නිසාය.
‘හම්බ කරන්නේ ඒවාට තමයි. මගෙයි පමාලිගෙයි සැලරිය එකතු කළාම මේවා මහ ලොකුදේවල් නොවෙයි. අමල් කීවේ උජාරුවෙනි.
‘මචං ගිය වීක් එන්ඩ් එකේ ගිය හොටෙල් එක නියමයි. නුවර පැත්තේ තියෙන්නේ. නියමයි බං. අමල් වැඩි දුරටත් කීවේය. ‘මොක්ද බං හෝටලයේ නම’ සමන් ඇසුවේය.
හෝටලයේ නම මතක් කිරීමට අමල් කොතෙක් උත්සාහ කළද ඔහුට නම මතකයට ආවේ නැත. බිරිඳ සිටියේ කාමරයේය. සාලයේ සිටි අමල් කාමරයේ සිටි බිරිඳගෙන් මෙසේ ඇසුවේය.
‘ඩාලිං මොකක්ද අනේ අපි ගිය වීක් එන්ඩ් එකේ ගිය හෝටලයෙ නම’
බිරිඳ ද සුළු මොහොතක් නිහඬව සිට මිතුරකු සාලයේ සිටින බව අමතකව මෙසේ කීවාය.
අනේ මටත් මතක නෑ. අනේ අර අපි හොටෙල් එකෙන් ගෙනාව ටවල් එකේ නම ගහලා තිබුණා. බිරිඳට කියවුණේ ඉබේටමය.
සමන් කට කොනකින් සිනාවෙද්දී අමල් ලැජ්ජාවෙන් ඇඹරෙමින් බිම බලා ගත්තේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |