දුරදිග ගිය ආරවුලක්...දැරියකට ජීවිතය අහිමි කරයි
වැලිසර තොටුපොල පාරේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අවුරුදු පහක පෙරපාසල් දැරියක ජීවිතක්ෂයට පත්ව වුණා. සැකකරු සොයා පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.
වැලිසර තොටුපොල පාරේ අසල්වැසි දෙපිරිසක් අතර කලක සිට තිබූ ආරවුලක් මෙම සිද්ධියට හේතුවී තිබෙනවා.
ඊයේ සවස අසල්වැසි දෙපිරිස අතර ඇතිවූ ආරවුලෙන් පසු එක් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙක් මෝටර් රථයකින් යට කිරීමට උත්සහ කරමින් ඔහු පසුපස හඹා ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ ආදාළ පුද්ගලයා ඉන් බේරී ඇති අතර, ඔහුගේ දරුවන් දෙදෙනා තවත් දරුවන් දෙදෙනෙකු සමග මාර්ගයේ සෙල්ලම් කරමින් සිටින ආකාරය දැක සැකකරු එම දරුවන් යට කිරීමට කටයුතු කර තිබෙනවා.
සිද්ධියෙන් වැලිසර තොටුපොල පාරේ පදිංචි වයස අවුරුදු 5ක පෙර පාසල් දැරියක් ජීවිතක්ෂයට වුණා.
තවත් දරුවන් තිදෙනෙක් සහ කාන්තාවක් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. සැකකරු බීමතින් රිය පදවා ඇති අතර සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.
මහබාගේ පොලිසිය සැකකරු සොයා පරික්ෂණ සිදු කරනු ලබනවා.
