ස්ත්‍රී දූෂකයින්ට ඇග හිරිවැටෙන දඩුවමක් - ජීවිත කාලයටම ලිංගික ශක්තිය අඩපණ කිරීමට නීතියක්...!
By Sewvandhi
ස්ත්‍රී දූෂකයින්ගේ ලිංගික ශක්තිය අඩපණ කිරීම සඳහා ඖෂධ සහ සැත්කම් කිරීමට නීතියක් පැණවීමටයි මැඩගස්කරයේ රජය තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙමගින් ඔවුන්ගේ ලිංගික ශක්තිය ජීවිත කාලයටම නැති වී යන බවයි.
මැඩගස්කර් රජය එම තීරණය ගෙන ඇත්තේ ස්ත්‍රී දූෂණ සංස්කෘතිය මර්දනය කිරීම වෙනුවෙන් බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් මෙම නීතිය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වන ඇතැම් මානව හිමිකම් සංවිධාන පවසන්නේ මෙය මනුෂ්‍යත්වය නිගරු කිරීමක් වන බවයි.