උසස් පෙළ සිසුන්ට විශේෂ ප්‍රවාහන පහසුකම්

Report

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය මාවනැල්ල ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීම හේතුවෙන් හෙට (24) කඩුගන්නාව ප්‍රදේශයේ උසස් පෙළ (A/L) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම් දෙනවා.

ඒ අනුව, සියලුම අපේක්ෂකයින්ට සුපුරුදු වේලාවට වඩා කලින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි දැනුම් දෙනු ලබන්නේ.

විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ මාර්ගය වසා තිබීම හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙත සිසුන් ප්‍රවාහනය සඳහා විකල්ප මාර්ග භාවිත කෙරෙන බවයි.

උසස් පෙළ ප්‍රශ්න පත්‍රය පිට වුනාද? ප්‍රශ්නය CIDය අතට මාරු වේ

උසස් පෙළ ප්‍රශ්න පත්‍රය පිට වුනාද? ප්‍රශ්නය CIDය අතට මාරු වේ

මෙහිදී, ප්‍රවාහන කටයුතු සඳහා සහාය අවශ්‍ය වන අපේක්ෂකයින් සඳහා ක්ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය: 117

විභාග දෙපාර්තමේන්තුව: 1911

විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ අපේක්ෂකයින්ට කිසියම් ගැටලුවක් වෙතොත් මෙම ක්ෂණික ඇමතුම් අංක ඔස්සේ සම්බන්ධ විය හැකි බවයි.

[9PVUNXE