උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන අධ්‍යාපන ඇමති අද කියූ දේ මෙන්න..

Ministry of Education Parliament of Sri Lanka A D Susil Premajayantha Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Aruna Oct 03, 2023 05:33 AM GMT
Aruna

Aruna

Report

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුල විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

මේ අනුව, 2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවසන් දිනය ඔක්තෝම්බර් මස මුල් සතිය වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන බවට වාර්තා පළවුණා.

විභාගය පිළිබඳ අවසන් තීරණය ඔක්තෝබර් 02 වනදා ප්‍රකාශයට පත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා මීට පෙර පැවසුවේ.

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස උසස් පෙළ විභාග කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගිය දා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

විභාග පැවැත්වීමේ සංශෝධිත දිනයන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා එම අවස්ථාවේදී පැවසුවේ.

2023 අ.පො.ස උසස් පෙළ විභාග නොවැම්බර් 27 සිට දෙසැම්බර් 2 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, සිසුන්ට විභාගයට සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම් මත විභාග කල් දැමුණා.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට මෙන්න විශේෂ පණිවුඩයක්.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට මෙන්න විශේෂ පණිවුඩයක්.


ReeCha