යාචක කාන්තාව තල්ලුකර, පැහැරගත් බිළිඳා පුත්තලමින් හොයාගෙන - රුපියල් ලක්ෂයක් ද අරගෙන..
බම්බලපිටිය ප්‍රදේශයේ දී යාචක කාන්තාවකගෙන් පැහැරගත් ගත් මාස එකහමාරක් වයසැති බිළිඳා පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ දී සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
එම සිද්ධියට 53 හැවිරිදි කාන්තාවක් මෙන්ම දරුවාගේ මව ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
දරුවන් නොමැති කාන්තාවක් විසින් එම දරුවා යාචක මවගෙන් ලබාගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දී ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇත්තේ.
වනාතවිල්ලුවේ පදිංචි කාන්තාව හදාවඩා ගැනීම සඳහා දරුවෙකු සොයන අතරතුර වීදියේ ජීවත් වූ මෙම යාචක කාන්තාවගේ මාස එකහාමාරක් වයසැති බිළිදා හමු වී ඇති අතර මුල් අවස්ථාවේ මව ද දරුවා එම කාන්තාවට ලබාදීමට එකඟවී ඇත.
ඉන්පසුව මුදල් ලබාගත් පසු දරුවා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව අදාළ කාන්තාව ඇදුම් රැගෙනදීම සඳහා යාචක කාන්තාව ද සමඟ දරුවා රැගෙන ගොස් ඇත.
කොම්පඤ්ඤවිදිය ප්‍රදේශයේ දී දරුවා යළි ඉල්ලා ඇතත් මව ඊට විරෝධය පළකර තිබුණු පසුව දරුවා වඩා ගැනීමට අවශ්‍ය බව සඳහන් කර දරුවා ලබාගෙන මව තල්ලුකර දමා ඇය ත්‍රිරෝද රථයකින් පළාගොස් ඇත.
වනාතවිල්ලුව ප්‍රදේශයේ සිටිය දී අදාළ කාන්තාව සමඟ පොලිස් භාරයට ගත් බිළිඳා මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමුකර ඇත.
දරුවාගේ මව සහ පියා දැඩිව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |