ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට(19) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
නිල සංචාරයකට මෙරටට පැමිණෙන ඔහු අනිද්දා දිනය දක්වා මෙරට රැඳී සිටින බවයි විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ.
මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් හමු වීමටද නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |