ජපන් යන්න සිහින දකින ඔයා මේ ගැන දැනුවත්ද..

Sri Lanka Police Sri Lanka Japan Teachers
By Piyumika Oct 07, 2024 05:00 AM GMT
Piyumika

Piyumika

Report

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

ලොව උසම කන්ද එවරස්ට් කියලා විශ්වාසද.?අන්න උස වෙනස් වෙලාලු..

ලොව උසම කන්ද එවරස්ට් කියලා විශ්වාසද.?අන්න උස වෙනස් වෙලාලු..

සැකකරු පරිහරණය කළ සුඛෝභෝගී මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුට විරුද්ධව ලද පැමිණිලි හතරක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව හොරණ නගරය ආසන්නයේ නවාතැන්පොළකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඇගේ වැදුනාට තරහෙන් වැන් රථයකට අලියෙක් කරපු අපරාදයක් ..(PHOTOS )

ඇගේ වැදුනාට තරහෙන් වැන් රථයකට අලියෙක් කරපු අපරාදයක් ..(PHOTOS )

අත්අඩංගුවට ගත් සැකකරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ජපන් භාෂාව උගන්වන මුවාවෙන් ජපන් රටේ රැකියා මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා යොමු කරන බව පවසා ඔවුන්ගේ දෙමව්පියන් පවා රවටා රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළට විවිධ මුදල් ලබාගෙන මෙම වංචාව සඳහා උපක්‍රමශීලීව යොමු කරගෙන ඇති බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඉංජිනේරුවන්ගේ රථ පෙළක් ඉලක්ක කර විශාල පිපිරීමක් ..(VIDEO/PHOTOS)

ඉංජිනේරුවන්ගේ රථ පෙළක් ඉලක්ක කර විශාල පිපිරීමක් ..(VIDEO/PHOTOS)

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දෙහිඅත්ත කණ්ඩිය බුලත් සිංහල, මතුගම, තෙබුවන, බෙලිඅත්ත මොරවක, තංගල්ල සහ වැල්ලවාය ආදී පොලිසි වලට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි විමර්ශන පවත්වන පොලිස් නිලධාරියෙකු පැවසීය.