ජනතාවට ජරා කෑම කැවූ හෝටලයක් සීල් තියලා..

Sri Lanka Sri Lanka Magistrate Court
By krishani May 12, 2023 07:05 AM GMT
krishani

krishani

Report

ඊයේ (11) දින, අධිකරණ නියෝග නොතකා හරිමින් අපිරිසිදු තත්ත්වයෙන් පවත්වාගෙන ගිය හෝටල‍යකට මුද්‍රා තැබීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබෙනවා.

ඒ ගාල්ල බස්නැවතුම්පොල ඉදිරිපිට ගාමිණී මාවතේ පිහිටි ආපනශාලවක් ය.

මෙම ආපනශාලාව පසුගිය මාර්තු මස දී ගාල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාකර බලා අපිරිසිදු තත්ත්වය මත චෝදනා අටක් යටතේ අධිකරණයේ නඩු පවරා ඇත.

එහිදී ආපනශාලාව පිරිසිදු කිරීමට යම් කාලයක් ලබා දී තිබෙනවා.

නමුත් ආපනශාලා හිමිකරු විසින් එය පැහැර හැර ඇති බව වාර්තා වන්නේ. 

කෙසේවෙතත්, දෙවරක් අධිකරණය විසින් ලබා දුන් නියෝගය කඩ කිරීම හේතුවෙන් කරුණු සළකා බලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ආපන ශාලාව මුද්‍රා තබා වසා දැමීමට නියෝගකර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join