පාසල් ළමුන් පිරිසකට අද ඹබර ප්‍රහාරයක්...17ක් රෝහලේ...වහාම පාසල වසයි.(PHOTOS)

Hatton School children Babara attack
By Aruna Dec 15, 2021 04:45 AM GMT
Aruna

Aruna

Report

හැටන් , නොර්වුඩ් හෙල්බොඩ දමිල මහා විද්‍යාලයේ පාසල් ළමුන් පිරිසකට අද (15) දින උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් , ළමුන් 17 දෙනෙකු දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

පාසල අසල පිහිටි විශාල ගසක බැද තිබෙන බඹර කූඩුවකට උකුස්සෙකු පහර දීම නිසා බඹරුන් ඇවිස්සී පාසලට පැමිණෙමින් සිටි ළමුන්ට මෙම ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ එම පාසලේ 6 සිට 11 දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්. බඹර ප්‍රහාරය එල්ල වීමත් සමග තුවාල ලැබූ සිසු සිසුවියන්ව රෝහල වෙත යොමු කර හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස් පරිදි පාසලේ අනෙකුත් ළමුන්ගේ ආරක්ෂාව උදෙසා පාසලට පැමිණි සෙසු ළමුන් නිවාස කරා යොමු කර පාසල (15) දින තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව එම විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියා.

  රෝහල්ගත කළ ළමුන්ගෙන් පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුන් සිව්දෙනෙකු දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර , බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සෙසු සිසු සිසුවියන් දික්ඔය මුලික රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

GalleryGalleryGalleryGallery
ReeCha