අත්‍යවශ්‍යම දෙයක් ඉල්ලා පිරිසක් දේව කන්නලව්වක (VIDEO)
පොහොර ගැටලුව මුල්කරගනිමින් අදත් දිවයිනේ ප්‍රදේශ බොහෝමයක ගොවි විරෝධතා පැවැත්වුණි. මොරගහකන්ද කලාපයේ ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් පවසන්නේ පොහොර නොමැතිව මහකන්නයේ වගාකිරීමට තමන්ට ජලය සැපයීමෙන් ඵලක් නොවන බවය.
ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ, කැඳවුම්කරු, මධුර ශ්‍රීපාලි පියරත්න මහතා, "මේ ආණ්ඩුව කිව්ව විදියට කොම්පෝස්ට් හදන්න ගොවියෝ මහන්සි වුණා. මහන්සි වෙලා දැන් මාස දෙක තුනක් වෙනවා. හැබැයි මොකක්වත් වෙලා තියෙනවා ද?" යනුවෙන් පැවසීය.
මේ පිළිබඳ අදහස් දැක්වු ගොවීන් කියා සිටියේ, "අව් කාෂ්ඨකයේ නිකම්ම වේලිලා යනවා. ඉතින් අපි කොහොම ද මේක අපි මාස් කන්නයේ කුඹුරුවලට දාන්නේ." "වැඳලා ඉල්ලන්නම් අපිට රසායනික පොහොර ටික දෙන්න." යනුවෙනි.
මේ අතර පොහොර හිඟයට විසඳුම් ඉල්ලා මඳුරුඔය මිටියාවත ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය දිඹුලාගල පහළ ඇල්ලේවැව වෙල් යායේදී ඊයේ (08)රාත්‍රියේ දේව කන්නලව්වක් සිදුකළේය.
අනතුරුව පිරිස පන්දම් රැගෙන විරෝධතාවක ද නිරත වුණි. පොහොර ගැටලුව හමුවේ සිය වගා විනාශ වී ඇති බවට යටියන්තොට දොඹේපොළ තේ ගොවීන් පෙන්වා දෙයි.
එම ගැටලු පිළිබඳ සොයාබැලීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා අද තේ වතු වෙත පැමිණියේය. මහවැලි සී කලාපයේ ගොවීන්ද පොහොර ගැටලුව මුල්කරගනිමින් ගිරාඳුරුකෝට්ටේදී අද විරෝධතාවක නිරත වුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |