සැක සහිත තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කළ දැරියක් මිය යයි.
තරුණයන් දෙදෙනෙකු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බාලවයස්කාර දැරියක ඇතුළත් කර සුළු වේලාවකින් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේ, එම තරුණිය රෝහලට බාර දුන් සැක සහිත පුද්ගලයන් දෙදෙනා ක්ෂණයකින් රෝහලෙන් අතුරුදහන් ඇති බවයි.
තරුණයන් දෙදෙනකු මෝටර් රථයකින් රෝහලට රැගෙන ආ එම දැරියට ක්ෂණිකව ප්‍රතිකාර ලබාදුන් අතර රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා දැරිය මියගොස් ඇති බවට නිගමනය කර තිබෙනවා.
එම ප්‍රකාශිකාව කියා සිටියේ, වයස අවුරුදු 15 ක් පමණ වන දැරියගේ මුහුණේ සහ සිරුරේ තැනින්තැන පහරදීමකින් සිදු වූ බවට සැකකරන තැලුම් පහරවල් තිබී ඇති බවට නිරීක්ෂණය වන බවයි.
මේ සම්බන්ධයෙන් රෝහල් පොලීසියෙන් කළ විමසිමේදී එහි නිලධාරියෙක් කියා සිටියේ, රෝහල් භූමියෙහි ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කොට අදාල මෝටර් රථය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගනිමින් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |