ජල ටැංකියකට වැටී දැරියක් ජිවිතක්ෂයට.
By Hashini
කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේ වතුර ටැංකියකට වැටී කුඩා දැරියක් මියගොස් තිබෙනවා.
මියගිය දැරිය සහ තවත් කුඩා දරුවන් දෙදෙනෙකු සෙල්ලම් කරමින් සිට ඇති අතර නිවස ආසන්නයේ පිහිටි වතුර ටැංකිය මතට වැටීමෙන් එම දැරිය මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මිය ගිය දැරිය වයස අවුරුදු 01 යි මාස 03ක් වනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) සිදු කිරීමට නියමිතයි.
කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.