ගෑස් ලොරියක් පෙරළීමෙන් ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි..

Report

ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළී සිදුවූ අනතුරකින් ප්‍රධාන මාර්ගයක් අවහිරවී තිබෙන බව වාර්තා වනවා.

රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලීසිය පවසන්නේ.

මෙම රථය හිස් ගෑස් සිලින්ඩර් සමඟ නුවර සිට කොළඹ බලා යමින් තිබී ඇති අතර, වරකාපොල දුම්මලදෙණිය (නැව්ගල) ප්‍රදේශය පසුකරගෙන යන අතරවාරයේ රියදුරුට නින්දගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඒ හේතුවෙන් ලයිට් කණුවක්ද කඩාගෙන ලොරි රථ වම් පසින් පිහිටි ඇළට පෙරළී තිබේ.

කෙසේ වෙතත් මෙම අනතුරින් රියදුරු මෙන්ම සහායකයා සුළු තුවාල පමණක් ලබා මේ වනවිට වරකාපොල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

වාහන නැවි ගණන් ආනයනය කරන්න යයි..වාහන මිලත් සීග්‍රයෙන් පහළ බසී!!

වාහන නැවි ගණන් ආනයනය කරන්න යයි..වාහන මිලත් සීග්‍රයෙන් පහළ බසී!!


ලොරි රථය ඇලෙන් ගොඩට ගැනීමේදී දුම්මලදෙණිය ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පැවතියද, මේ වනවිට එය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මීට අදාල ඡායාරූපයක් පහතින්,


Gallery