වසර 40,000 ක් සුරක්ෂිතව තිබූ ලොම් සහිත රයිනෝසිරස් සිරුරක් හමුවෙයි..

Rhinoceros
By Thaya Jan 31, 2021 06:03 PM GMT
Thaya

Thaya

Report

සයිබිරියාවේ යකුටියා පළාතේ නිත්‍ය තුහීන තුළ තැන්පත්ව තිබූ ලොම් සහිත රයිනෝසිරස් සත්වයෙකුගේ වඩාත් සුරැකිව තිබූ පොසිලයක් හමුවුණු බව එරට යකුටිස්ක් විශ්වවිද්‍යාලයේ පරියේෂකයන් පවසයි. දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව මෙම සත්ත්වයා අදින් වසර 25, 000ත් 40,000ත් අතර කාලයට පෙරාතුව මිහිමත වාසය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම ලොම් සහිත රයිනෝසිරස් සත්ත්වයා අඩි අටක් දිග සතෙකු බව හඳුනාගෙන ඇත. මිය යන විට මෙම සත්වයා වයස අවුරුදු 3ත් 4ත් අතර වයසේ පසුවුණු සෞඛ්‍ය සම්පන්න රයිනෝසිරස් සතෙකු බවට හඳුනාගෙන ඇත.

එම අවස්ථාවේදි සත්ත්වයා ඉතා හොඳින් කුස පුරවාගෙන සිටි බවත් පැවසෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සයිබීරියාවේ විද්‍යා ඇකඩමියේ මැමත් සතුන් අධ්‍යයන දෙපාර්තමේන්තූවේ ප්‍රධාන පරියේෂක වෛද්‍ය වැලේරි ප්ලොට්නිකොව්, මෙම පොසිලය මේ තරමින් සුරක්ෂිතව තිබීම වඩාත් සුවිශේෂී බව පවසා තිබේ. මෙම යකුටියා පළාත ලෝකයේ වඩාත් සිසිල්ම කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඒෙ හේතුවෙන් එම පළාත තුළ පොසිල වඩාත් හොඳින් ආරක්ෂා වී තිබේ.


GalleryGalleryGallery