කවුරුත් නොසිතූ දෙයක් වෙයි..හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදිසියේම සජිත්ගේ වේදිකාවට..

Sajith Premadasa Samagi Jana Balawegaya Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Sep 05, 2024 01:18 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (05) සජබ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මිනුවන්ගොඩ නගරයේ පැවැත්වෙන ජන රැලියට ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සහ නන්දමිත්‍ර ඒකනායක මහතා එක්විය.

එහිදී විශේෂ කරුණක් වූයේ,  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නෙකු වන තිළිණ තුෂාර මිරැන්ඩු ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් එම වේදිකාවට ගොඩවීමයි.

මුසම්මිල් මහතා 2011 සිට 2016 දක්වා කොළඹ නගරාධිපති ලෙස කටයුතු කළේය.

එසේම 2017 - 2019 යහපාලන ආණ්ඩුව සමයේදී ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර තිබුණි.

අනතුරුව ඔහුව 2019 වසරේදී බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ අතර 2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුව ඌව පළාතේ ආණ්ඩුකාර ධුරයට පත්කළේය.

නන්දමිත්‍ර ඒකනායක මහතා හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ඔහු මාතලේ දිස්ත්‍රික් නායකයා ලෙසද කටයුතු කළේය.