ගංවතුර ගැන දැනුම්දීමක්.

Sri Lanka TN Weather Weather Floods In Sri Lanka
By Hashini Oct 07, 2023 09:08 AM GMT
Hashini

Hashini

Report

නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වල විශාල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානම තවදුරටත් පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ අවට පදිංචි ජනතාව ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ මාතර, තිහගොඩ, කඹුරුපිටිය, අකුරැස්ස, මාලිම්බඩ සහ අතුරලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම් ප්‍රදේශවල සිටින ජනතාව දැඩි අවධානයෙන් පසු විය යුතු බවයි.

අකුරැස්ස නගරය තවදුරටත් ජලයෙන් යට වී පවතින්නේ නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙනි.

පහත්බිම් හා නිවාස ජලයෙන් යටවී පවතින් අතර දෛනික ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී පවතිනවා.

එමෙන්ම අකුරැස්ස බටගොඩ, අතුරලිය, පරදූව වැනි ප්‍රදේශවලත් තවමත් ජලය රැඳී පවතිනවා. 

ReeCha