ගුවන් සේවිකාවක් ගුවන් යානය තුලම මිය යයි.
Bandaranaike International Airport
Sri Lanka
Death
By Hashini
කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක සිය සේවා කාළය නිමා කර , ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී , ගුවන් යානය තුළම මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසුවා.
ඇය ගුරුගේ ප්‍රියංගිකා දිල්හානි ප්‍රනාන්දු නැමැති 40 හැවිරිදි මොරටුව , කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි අවිවාහක කාන්තාවකි.
ඇය අද (23) අලුයම 01.17 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මෙම මරණය සිදු වී ඇත්තේ එම ගුවන් යානය ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබියදියි.
මළසිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සිදු කරනු ලබයි.
