බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපාය කාර්යාල පරිශ්‍රයේ කාන්තා යට ඇඳුම් සල්පිලක දෙපිරිසක් අතර ගැටුමක් හේතුවෙන් එම සල්පිල නවතා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
කාන්තා යට ඇඳුම් සඳහා සියයට හැත්තෑ පහක වට්ටම් මුදලක් ලබා දෙමින් මෙම සල්පිල සංවිධානය කර තිබුණේ සෙත්සිරිපාය සේවය කරන රාජ්‍ය සේවිකාවන් වෙනුවෙන්.
මෙම සල්පිල හේතුවෙන් සෙත්සිරිපාය බිම් මහලේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවද පසු කරමින් විශාල පෝලිමක් සහිත නිර්මාණය වී තිබුනා.
මෙම සල්පිල පැවතිද්දී බාහිර පාර්ශවයක් පැමිණ තොග වශයෙන් එම යට ඇඳුම් මිලදී ගැනීමට උත්සාහ කිරීමේදී ඊට කාන්තාවන් දැඩි ලෙස විරෝධය පළ කර ඇති බව සඳහන්.
මේ හේතුවෙන් දෙපිරිස අතර ගැටුම පාලනය කිරීමට තලංගම පොලිසිය කැඳවා තිබු බව සඳහන් වන්නේ. අවසානයේ තත්ත්වය පාලනය කිරීම සඳහා සල්පිල නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.