බිරිඳ එක්ක තරහට තාත්තෙක් තමන්ගෙම දරුවට කරපු අපරාදය - දරුවා වහාම රෝහලට..

Sri Lanka Police Colombo Sri Lanka Police Investigation Hospitals in Sri Lanka Latest Headlines
By krishani May 05, 2024 05:08 PM GMT
krishani

krishani

Report

බිරිඳ සමග ඇති කරගත් ආරවුලක් අතරතුර වයස අවුරුදු හතක් වූ තම දරුවා පොළොවේ ගසා බරපතළ තුවාල සිදුකිරීමට සැහැසි වූ පියෙක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

බිරිඳ එක්ක තරහට තාත්තෙක් තමන්ගෙම දරුවට කරපු අපරාදය - දරුවා වහාම රෝහලට.. | A Fathers Accident To A Girl

මෙලෙස සැකකරු තම බිරිඳ සමගින් එම ආරවුල ඇති කරගෙන ඇත්තේ මත්කුඩු මිල දී ගැනීමට මුදල් ඉල්ලා ය.

මීට දින කිහිපයකට ඉහත දී සිය සැමියා විසින් තම හත් හැවිරිදි දරුවා පොළොවේ ගැසූ බවට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වෙත කාන්තාවක් පැමිණ මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ තම සැමියා ඉතා තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූවෙකු වන බවයි.

එමෙන්ම, මත්කුඩු මිල දී ගැනීම සඳහා මුදල් ඉල්ලමින් නිරන්තරයෙන් තමන්ට සහ තම දරුවාට හිරිහැර කරන බවත් සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සිදු වූ දිනයේ ද තම සැමියා මුදල් ඉල්ලමින් තමන්ට අමානුෂීය ලෙස පහරදුන් බවත් ඒ අසලට පැමිණි තම 7 හැවිරිදි දරුවා ඔසවා අමානුෂීය ලෙස පොළොවේ ගැසූ බවත් ඇය පොලීසිය හමුවේ පවසා ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොළොවේ ගැසීමෙන් බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ රීජ්වේ ආර්යා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියි. ‍

රූමත් සරසවි සිසුවියන්ට පාර අයිනෙ කැළෑවක ඉඳලා අසැබි දසුන් පෙන්නලා..

රූමත් සරසවි සිසුවියන්ට පාර අයිනෙ කැළෑවක ඉඳලා අසැබි දසුන් පෙන්නලා..


සැකකරු මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවට පත් වූ පුදගලයෙක් බව සඳහන් වේ.

කෙසේ වෙතත්, අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු මෙම මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.