නීතිඥ ක්ෂේත්‍රයේ ෆැශන් ශෝ එකක්.. ? මෙන්න චූලා කරන්න යන අලුත්ම වැඩේ..
චූලා පද්මේන්ද්‍ර කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ කැපීපෙනෙන චරිතයක්. ඇය හිතුවක්කාර චරිතයක් විදියටත් හදුවන්න පුලුවන්.ඇය මේ දිනවල අලුත් වැඩක් පටන්ගෙන තියනවා.
ඒ නීතිඥ වෘත්තිකයන් ගේ ෆැශන් ශෝ එකක් සම්බන්ධයෙන් වැඩක්. ඇය පවසන ආකාරයට මෙය යම් අභියෝගාත්මක කාර්යක් වුණත් කණ්ඩායම් සහභාගිත්වයත් සමග එම කාර්ය ඉතා හොදින් කරගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා.
ශ්‍රී ලංකාවෙ මෙවැනි අභියෝගාත්මක දේවල් වෙන එක නව ප්‍රවණතාවක් විදියට හදුන්වන්න පුලුවන්. නිරූපණ ක්ශේත්‍රය කියන්නේ හැමෝටම විවෘත දෙයක්. නිරූපිකාව එම වෘත්තියට පමණක් කොටු විය යුතු ද...
එසේ නොවෙනවා නම් ඒ සදහා අවශ්‍ය වන්නේ අභියෝගාත්මකව මුහුණ දෙන්නන් පමණයි. ඒ සදහා ඉදිරියේදි පවත්වන්නට නියමිත මෙම නීතිඥ විලාසිතා දැක්ම කදිම නිදසුන් සපයාවි.
මොවුන් මේ ආකාරයෙන් සිදුකරන ක්‍රියාව ඔස්සේ දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාරගතවන කාන්තාවන්ට පිහිටක් වීමේ අරමුණින් යුතුව සිදු කරනවා.ඉදිරියේදි මෙම විලාසිතා දැක්ම ඔබටත් නරඹන්නට හැකියාව පවතින බව තමයි ගගන අපට දැනගන්නට ලැබී තියන්නේ.
- සිතුමි -
