අරගලයේ මුල් පුරුකක් ජයටම කරගෙන ගිය ගණිකා ජාවාරමක් කොටු වෙයි...
තරුණියන් ඉහළ ගණන්වලට අලෙවි කරන ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය අරගල සංවිධායකවරයෙකු ඇතුළු 7 දෙනකු අඟුරුවාතොට රෙමුණ ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සිව් දෙනෙකු, ඔවුන් තවත් කුලී රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ද වන බවයි පොලිසිය පවසන්නේ .
ප්‍රධාන සැකකරු අරගලයේ මුල්පෙළ සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කළ මොරටුවේ පදිංචි (33) පුද්ගලයකු බවටයි වාර්තා වන්නේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මොවුන් මෙම ජංගම ගණිකා ජාවාරම පවත්වාගෙන යන බවත්, පොලිසියට ලද තොරතුරකට අනුව උපාය දුතයෙකු යොදවා රුපියල් 55,000 ක මුදලකට කාන්තාවක් ඇණවුම් කළ බවයි පොලිසිය කියා සිටියේ.
ඒ අනුව සැකකරුවන් පෙරේදා රාත්‍රියේ මෝටර් රථ දෙකකින් කාන්තාවන් සිව් දෙනෙකු රැගෙනවිත් ඇති අතර එහිදී පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රධාන සැකකරු කලක පටන් මෙම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවත්, එම ජාවාරමෙන් ඔහු විශාල වශයෙන් මුදල් උපයාගෙන ඇති බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |