මුහුණු පොත හරහා සංවේදී වු වෛද්‍යවරයා අමුතු සටහනක් තබයි..?
කොරෝනා අවදානම පහවෙලා, නැත්තටම නැතිවෙලා කියලා හිතන් ඉන්න බොහෝ දෙනෙක් මේ වෙනකොට, සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා අත්හැරලා දාලා. ඒ වෙනුවට හිතූ මනාපෙට දුව ඇවිදින අපේම මිනිස්සු සුවවිරුවන් එදා වැඳලා ඉල්ලපු දේවල්, අමතකම කරලා දාලා. තමන්ගේ සමීපයෙන් ඉන්න අයගේ ආරක්ෂාව "ඕන මඟුලක් වුණාවේ" කියලා බැහැර කරලා දාලා. මේ තියෙන්නේ වෛද්‍යවරයෙක් මේ අවදානම ගැන බුකියට ලියපු සටහනක්...
සියල්ලෝම නැවත කති බොති! ට්‍රිප් යති! හිතේ හැටියට ශොපින් කරති. මාස්ක් අතේ තබාගෙන ෆොටෝ ගනිති. FB එකේ upload කර ප්‍රීතිය සමරති! වාහන වල පොඩි එවුන් පටවාගෙන පවුල් පිටින් උඩමළුවේ යති. එකම එක දෙයක් මතක් කරමි. පහු ගිය කාලයේ අපේ දැඩි සත්කාරයට ඇතුලු වූ covid, post covid කිසි කෙනෙක් නැවත ආපසු ගෙදර ගියේ නැත. මාස 4ක අත දරුවෙක්ගේ මවක් ඇතුලුව , අනික් සියලු දෙනාම යන්න ගියේ පොලිතින් වලින් එතී බව මතක් කරනු කැමැත්තෙමි.
අපේ බාගෙට බාගයක් staff covid positive උනු අතර, මැරීගෙන දැඟලුවත් බේරා ගත නොහැකි කොරෝනා ආසාදිතයෝ නටපු නැටුමක්ද ඉතුරු නොකර, බෙරේ පලුවක්වත් හොයාගන්නට නැතුව නික්ම ගියහ. Duty ඉවර වෙලා ගෙදර ආවත් මැරුණු අය මතක් වෙන එක නවත්තන්නට නොහැක. මාස ගානක් හුස්ම ගන්නට බැරුව ඔවුන් විඳින වදයත් සමග අපද මානසිකව හෙම්බත් වෙලාය. කිසිත් නොකියම්. ඔබ ඇවිදින්න, හොටෙල් ඩිස්කවුන්ට් මිස් කරගන්න එහෙම එපා.
ශොපින් කරන්න. ගෙදර ඉන්න අම්මට තාත්තට බෝ කරන්න. අවුලක් නෑ. අපි ආයෙත් බලන් ඉන්නෙ ඔයාලා එනකම්!! පසුව ලියමි: අපට සුවවිරුවෝ අර විරුවෝ කියා නම්බු අවශ්‍ය නැත. අප දෙවිවරුද නොවෙමු. මම වෙදෙක් වූයේ මගේ කැමැත්තෙන් සේම, ඒ සඳහා මේ රටේ පුන්චිම මිනිසාගේ සිට වියදම්කර ඇති අතර, ඕනෑම තැනක ඕනෑම වෙලාවක සේවය කිරීමට බැඳී සිටිමි. ඒ සඳහා මට මාස් පඩියක් ලැබෙන අතර මාද සියල්ලෝම මෙන් රස්සාවක් කරන අතර එය ගරු සේවයක් නොවන බැවින් අනවශ්‍ය වෙණ වැණුම් නුවමනාය. ඔබ සියළු දෙනා පිස්සු බල්ලන් මෙන් හැසිරෙන ආකාරය දැක ඉතා කළකිරීමෙන් මෙය බුකි ගත කළෙම්!
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |