සෑම පුරවැසියෙක්ටම ඩිජිටල් හැඳුනුම්පත් අංකයක් සමගින් අලුත් පරිවර්තනයක් - රජයෙන් තීරණයක්.

Sri Lanka Government Of Sri Lanka
By krishani Aug 13, 2023 06:43 PM GMT
krishani

krishani

Report

ඉදිරියේ දී සෑම පුරවැසියෙකුටම යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හරහා නියමිත අංකයක් හඳුන්වාදෙන බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සඳහන් කළේ ය.

ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ය. 

සෑම පුරවැසියෙකුම අදාළ අංකය මගින් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ඉන්දියාවේ පාරක කඩයකින් තේ කොප්පයක් මිල දී ගනු ලැබුව ද එය ගෙවන්නේ ආදාර් යන QR සංකේතය හරහා බවයි.

එම ක්‍රමය ඉදිරියේ දී ලංකාවට එන බවත් එයට අවුරුද්දක පමණ කාලයක් එහි මූලික පදනම ඇති කර ගැනිම සඳහා යනු ඇති බවත් ඔහු පැවසීය.

එමෙන්ම සෑම අයෙකුටම හැඳුනුම්පත් අංකයක් ලැබෙන බවත් එය ජාතික හැඳුනුම්පත් අංකය නොවන අතර ඒ අංකය හරහා සෑම දෙයක්ම ඉටු කරගත හැකි බවත් කියා සිටියේ ය.

එනම් රෝහලකට ගිය ද, රජයේ කාර්යාලයකට ගිය ද සෑම දෙයක්ම එම අංකය හරහා ඉටුකරගත හැකි බවත් එම පරිවර්තනය ඉදිරියේ දී ලබා දෙන බවත් එහි පියවර ගැනීමට අවුරුදු දෙකක් පමණ කාලයක් වැය වන බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය. 

ReeCha