නිවාඩු නිකේතනයක පුද්ගල මළ සිරුරක්

By Hashini Apr 22, 2025 10:01 AM GMT
Report

කතරගම සිතුල්පව්ව පාරේ කොච්චිපතාන පිහිටි නිවාඩු නිකේතනයක තිබී පුද්ගල මළ සිරුරක් අද සොයාගෙන තිබෙනවා.

කතරගම පොලිසිය පවසන්නේ මියගොස් ඇත්තේ අදාළ නිකේතනයේ සේවය කරන අයෙකු බවයි.

ඔහු කොන්ඩ උපුල් යනුවෙන්  හඳුන්වනු ලබන බවයි පොලිසිය පැවසුවේ..

නිකේතනයේ හිමිකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි අයෙකු වනවා.

මරණකරුගේ හිස පිටුපස සහ වම අතේ කිහිල්ල අසළ කැපුම් තුවාල සහ දකුණු වැලමිට සීමාවේ තැලීම් තුවාල දක්නට ලැබුණු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පොලිසිය සැක කරන්නේ මෙය ඝාතනයක් විය හැකි බවට සැක කරන අතර දින දෙකකට ඉහතදී ඝාතනය සිදුව ඇති බවටයි..

මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි

මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි