කොරෝනා වලටත් වඩා භයානක රෝගයක් ගාල්ලෙන්..අනතුරු ඇඟවීමක්..

Sri Lanka Galle Ambalangoda Dengue fever
By Aruna Oct 21, 2021 02:35 AM GMT
Aruna

Aruna

Report

ඉදිරියේ කොරෝනාවලට වඩා ඩෙංගු මරණ වැඩි වෙන්න පුළුවන් කොරෝනාවලට වඩා ඩෙංගු අවදානම වැඩි වෙලා යයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න පැවසුවාය.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සභාපති සම්පත් අතුකෝරලගේ ප්‍රධනත්වයෙන් ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේදී පවත්වනු ලැබූ අවස්ථාවේ විශේෂඥ වෛද්‍යවරිය මෙම අදහස් පළ කළාය.

වෛද්‍යවරිය මෙසේද කීවාය.

ගාල්ල වරාය තුළ අපද්‍රව්‍ය විශාල වශයෙන් ගොඩ ගසා තිබෙනවා.

මේවා ඉවත් කරන්න වාහන ප්‍රශ්නයක් පැන නැගී තිබෙනවා.

කාලයක් වසා දැමීම නිසා පාසල්වල වැසිකිළිවල පවා මදුරු කීටයන් හඳුනාගෙන තිබෙනවා. රජයේ කාර්යාල පරිශ්‍රවලත් විශාල වශයෙන් ඩෙංගු කීටයන් හමුවෙනවා.

විහාරස්ථානවලත් විශාල වශයෙන් ඩෙංගු කීටයන් හමුවී තිබෙනවා.

මේ තත්ත්වය අනුව ඩෙංගු අවදානම වැඩි වී තිබෙනවා.

කරාපිටිය, මාගාල්ල, දෙද්දුගොඩ, අම්බලන්ගොඩ ඩෙංගු තත්ත්වය විශාලයි. ඉදිරියේ කොරෝනාවලට වඩා ඩෙංගු මරණ වැඩි වෙන්න පුළුවන්. මී උණත් ඒ හා සමානවම වැඩි වෙලා.

ගාල්ලේ කුඹුරුකරන අය අතර බහුලව දක්නට ලැබෙනවා.

මේ පිළිබඳව කලින් රැස්වීම් තබා දැනුවත් කළත් කොවිඩ් අවදානම නිසා දැනුවත් කිරීමේ තත්ත්වයත් අඩු වීම නිසා ලංකාවේ මී උණ රෝගීන් වැඩි වී තිබෙනවා යැයි වෛද්‍යවරිය පැවසීය.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. 
https://www.youtube.com/gagana?sub_confirmation=1