ඉන්දීය කුළුබඩුවල අඩංගු භයානක රසායනිකයක් ගැන අනාවරණය වෙයි - රටවල් රැසක් කරන යන දේ මෙන්න.

Healthy Food Recipes India Junk Food Fast Food
By Wayomi May 17, 2024 11:39 AM GMT
Wayomi

Wayomi

Report

ලෝකයේ කුළු බඩු බලාගාරය ලෙස සැළකෙන ඉන්දියාවේ කුළු බඩුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කතාබහක් මතුව තිබෙනවා.

එමෙන්ම දැනටමත් සිංගප්පූරුව සහ හොංකොං ඉන්දීය කුළු බඩු ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වෙනවා.

මීට හේතු වී ඇත්තේ, ඉන්දීය කුළුබඩුවල පිළිකාකාරක රසායනිකයක් වන එතිලීන් ඔක්සයිඩ් අඩංගු බවට වාර්තා පළ වීමයි.

මේ අතර අමෙරිකාව, යුරෝපා සංගමය, මාලදිවයින, බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියාවද ඉන්දියාවේ කුළු බඩුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව පවතින තත්ත්වය සළකා අපනයනය කරන කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කිරීමටයි ඉන්දියාව දැනටමත් කටයුතු කර ඇති අතර ඉන්දියාව ගෝලීය කුළුබඩු අපනයනයෙන් 12%කට හිමිකම් කියන රටක්.

ඉන්දීය කුළුබඩු මිලදී ගන්නා ප්‍රධාන රටවල් චීනය, අමෙරිකාව සහ බංග්ලාදේශය වන අතර අපනයන ආදායම අමෙරිකාව ඩොලර් බිලියන 04ක්.

මිරිස් කුඩු, කහ, සූදුරු, එනසාල්, සාදික්කා, කරාබුනැටි සහ කුරුඳු ඉන්දීය කුළුබඩු අතර ප්‍රධාන තැනක් ගන්න අතර ඉන්දීයාව කුළුබඩු වර්ග 200ක් ලොව පුරා රටවල් 180කට අපනයනය කරනු ලබනවා. 

........................................

May you Like


ReeCha