වෛද්‍යවරුන් දෙදෙනෙක් අතර ගැටුමක් - රෝහලක් උණුසුම් වෙයි..
Sri Lanka
By krishani
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙක් අතර පහරදීමක් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පොලීසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර රාජකාරී කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල්කර ගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර වචන හුවමාරුවක් සිදු වී තිබෙනවා.
අනතුරුව එක් වෛද්‍යවරයෙකු විසින් අනෙක් වෛද්‍යවරයාට පහරදීමක් සිදුකර ඇත.
එයින් එක් වෛද්‍යවරයෙක් තුවාල ලබා ඇති අතර ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේම ප්‍රතිකාර ලබයි.
කෙසේවෙතත්, අනුරාධපුර ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය රන්ජන් ගනේගම සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.