චීනෙන් ඉදන් ඇවිත් මෙරටදී කල් ඉකුත් වු සැමන් විකුණා මාට්ටු වූ හැටි.

Sri Lanka Police Sri Lanka China Sri Lanka Fisherman
By Wayomi May 20, 2023 11:27 AM GMT
Wayomi

Wayomi

Report

කල් ඉකුත් වු සැමන් දිනය වෙනස් කර විකුණමින් සිටි චීන ජාතිකයකු ඇතුළු හය දෙනෙකු ඊයේ (19) රාත්‍රියේ පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

එලෙස අත්අඩංගුවට ගත් සැමන් ටින්වල වටිනාකම රුපියල් ලක්ෂ 80 ඉක්මවන බවයි වාර්තා වන්නේ.

මේ අතර අදාළ සැකකරුවන් මෙම සැමන් අලෙවි කිරීම සඳහා වෙනත් සමාගමක නාමය ද භාවිතා කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු පෑලියගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW