පියාගේ පිහි පහරින් පුංචි පුතු රෝහලේ.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
ඊයේ (28) වනදා රාත්‍රී 8.00ට පමණ බොරළුවැව - රත්මල්ගස්වැව ප්‍රදේශයේ පියෙකු විසින් එල්ල කරන ලද පිහි පහරක් හේතුවෙන් තුවාල ලැබූ කුඩා දරුවකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 10ක පිරිමි දරුවක් ය.
පොලිසිය සඳහන් කළේ නිවසේ ඇති වූ ගැටුමක් අතරතුර දරුවාට පිහි පහර වැදී ඇති බවයි.
කෙසේ වෙතත්, සැකකාර පියාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
